Globalmedia.lk

චරපුරුෂ ජෝන් ඩොයිලිගේ දිනපොත

රු1100

කුමාර සිරිවර්ධන

Availability: 3 in stock

ISBN: 9786245865130 SKU: BKS-P1-A1157 Categories: ,

කන්ද උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය කිරුළට ඈඳා ගැනීමට ඉංග්‍රීසි ජාතිකයන් යෙදූ උපක්‍රම ආදිය ද කියැවෙන මෙයින් සමකාලීන ලංකාවේ සමාජය, චාරිත්‍ර වාරිත්‍ර, වෙළඳ ක්‍රම ,මුදල් ඒකක ආදිය පිළිබඳ තොරතුරු පමණක් නොව නායක්කර් රජුගේ පාලනයට එරෙහිව උඩරට රදලයන් මෙන්ම මෙරට සංඝ සමාජය හා සාමාන්‍ය වැසියන් ද කටයුතු කර ඇති ආකාරය මනාව හෙළි කර ගත හැකිය. 1810 සැප්තැම්බර් 4 වැනිදා සිට 1815 මාර්තු මස උඩරට ගිවිසුම අත්සන් කර බ්‍රිතාන්‍ය කිරුළට උඩරට රාජධානිය ඈඳා ගැනීමෙන් අනතුරුව එම වසරේ අප්‍රේල් මස 23 වැනිදා තෙක් ඩොයිලි තැබූ පෞද්ගලික දින සටහන් මෙහි ඇතුලත් වෙයි. සාමාන්‍යයෙන් 1815 මාර්තු මස 02දා උඩරට ගිවිසුම අත්සන් කළ බව පිළිගැණුන ද ඩොයිලිගේ දින සටහන් වලින් හැඟීයන්නේ උඩරට රදළ පිරිස් බහුතරය එයට අත්සන් තබා ඇත්තේ මාර්තු මස 10 වනදා බවය. එන්ගලන්තයේ සිට තුරුණු වියේදීම මෙරට පැමිණ, සිංහල බස මනාව ඉගෙන, හෙළ සංස්කෘතිය මැනවින් අධ්‍යයනය කළ ඩොයිලි, එම දැනුම භාවිතයට ගනිමින් උඩරට රදලයන්, සංඝයා වහන්සේලා ඇසුරු කරමින්, උඩ පහත දෙරටේම වැසියන් ගෙන් සමන්විත වූ චරපුරුෂ ජාලයක් මනාව මෙහෙයවීය. ලංකාවේ අන්තිම රජුට එරෙහි ජනමතයට ද, ඉංග්‍රීසි ආක්‍රමණය හුදෙක් නායක්කර් රජුගේ අත්තනෝමතික හා කෘර පාලනයෙන් උඩරට හා එහි ජනතාව ගලවා ගැනීමේ පිරිසුදු චේතනාවෙන්මය යන ජනමතයට ද ඩොයිලි මනාව නායකත්වය සැපයුවේය. 1815 දී ඔහු එකම බ්‍රිතාන්‍ය සෙබළකුගේ හෝ ජීවිතයකට හානි වීමට ඉඩ නොතබා ඉපැරණි කන්ද උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය කිරුළට නතු කර දුන්නේය.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop