-
-
-
-
-
-
-
-
-
-
-
ලංකාවේ ප්‍රථම ක්‍රීඩා තරග
0රු300මෙරටට ක්‍රීඩාවන් හඳුන්වා දිමට අපේ පැරැන්නන් ගත් වෙහෙසත්, ඔවුන් මේ සඳහා හෙළු දහදිය හා කඳුලත්, යෙදූ කාලයත්, වැය කළ ධනයත්, යෙදූ ශ්‍රමයත් මේ කෘතියෙන් මැනවින් නිරූපණය වෙයි. මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් ඉතිහාස ගත මෙහෙයක් සිදු කළ මේ පැරැන්නන් ඉතිහාසයෙන් මැකී යාම ගැන ලාංකිකයින් හැටියට අප ලැජ්ජා විය යුතුය. ක්‍රීඩා අතින් දියුණු රටවල් ඒ තත්ත්වයට ළඟා වූයේ හුදෙක් ඕපපාතික, තාක්ෂණික කරුණු මත නොව තමන්ගේ සාරවත් ක්‍රීඩා ඉතිහාසය නමැති අත්තිවාරම මතය. ශ්‍රී ලාංකික ක්‍රීඩා ඉතිහාසය පිළිබඳව ලියැවී ඇති අල්ප පත පොත විමසන විට ඵය අත්තිවාරමක් නැති ගෙයක් හැටියට පෙනේ.
-
භාෂාව සහ නිර්මාණත්මක සන්නිවේදනය
0රු850නිර්මාණයෙන් තොර භාෂාවක්, භාෂාවෙන් තොර සන්නිවේදනයක්, සන්නිවේදනයෙන් තොර සංස්කෘතියක් ලොව කවර මොහොතක, අහඔුවකින් හෝ නොපැවතිණි. එතරම් ඒවා අවියෝජනීය සබඳතාවකින් යුක්ත විය. කිනම් මොහොතක ජීවියා මෙලොව එළිය දුටුවේ ද, කිනම් මොහොතක තම සිතැගි අනෙකාට හැඟෙව්වේ ද යන්න අදටත් ගැටලුවකි. වර්තමානයේ අප හට ඉතිරි ව ඇත්තේ ඒ පිළිබඳව උපකල්පනයක් කිරීම පමණකි. භාෂාව සහ නිර්මාණාත්මක සන්නිවේදනය නම් වූ මෙම ග්‍රන්ථය භාෂාවේ හා නිර්මාණයේ ආරම්භය, විකාශනය සහ ජනමාධ්‍ය භාෂාව පිළිබඳව පැහැදිලි විග්‍රහයක් සපයයි. සන්නිවේදනය, මාධ්‍ය අධ්‍යයනය හා මාධ්‍ය නිර්මාණකරණය පිළිබඳ විමර්ශනයක යෙදෙන සියල්ලන්ට භාෂාව හා නිර්මාණාත්මක සන්නිවේදනය නම්වු මේ ග්‍රන්ථය උපකාරි වනු ඇත.