• ඓතිහාසික පර්යේෂණ ලිපි සරණිය

    ඓතිහාසික පර්යේෂණ ලිපි සරණිය

    0

    සමාජයීයවිද්‍යා ක්ෂේත්‍රයෙහි ඉතා ප්‍රබල විෂය ධාරාවක්‌ ලෙස ඉතිහාසය විෂය සඳහන්‌ කළ හැකිය. එය ශ්‍රී ලාංකික අධ්‍යාපන ධාරාවෙහි මෙන්ම අන්තර්ජාතික වශයෙන්‌ ද ඉතාමත් ම වැදගත්‌ මෙන්ම පුළුල්‌ අධ්‍යාපනික ශික්ෂණයක්‌ බවට වර්තමානය වනවිට පත්‌ වී ඇත. එයට හේතුව වී ඇත්තේ මානව පරිණාමය, සමාජ, සංස්කෘතික, දේශපාලන සහ ආගමික අංශයන් ගේ ක්‍රමානුකූල වෙනස් වීම පිළිබඳව එය තුළින්‌ මනා දැනීමක්‌ ලබා ගත හැකි වීම නිසා ය. එම අධ්‍යයන ශික්ෂණය යටතේ ඉතිහාසය විෂය ක්ෂේත්‍රයට අයත්‌ මාතෘකා වන්‌ එකොළහක්‌ ඔස්සේ මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථය නිම කර තිබේ.

    රු1850
    Add to cart
  • බරවාකුඹුකේ සියදෝරිස් ව්‍යාපාරය

    බරවාකුඹුකේ සියදෝරිස් ව්‍යාපාරය

    0

    පුවත්පත් විශේෂාංග රචනා 56ක් නව ජනමාධ්‍යවේදින්ට අත්වැලක්

    රු750
    Add to cart
  • ලක්දිව පුරාණය

    ලක්දිව පුරාණය

    0

    මේ ග්‍රන්ථයේ දී ඇය මාතෘකා විස්සක්‌ යටතේ මෙරට ඉතිහාසය, සමාජය හා පුරාවිද්‍යාව පිළිබඳව පාඨක කුතුහලය වඩන කරුණු ඉදිරිපත්‌ කර තිබේ. මෙකී මාතෘකා අතරින්‌ ‘මැදවච්චිය වූ මද්දුවත්ත හා ‘මතට තිත තබා මඟ නැගූම කළ මේජර් ස්කිනර්‌’ යන ලිපි සත්‍ය වශයෙන්‌ ම මෙතෙක්‌ සාමාන්‍ය පාඨකයාට අනාවරණය නොවූ කරුණු ඉදිරිපත්‌ කිරීමක්‌ වශයෙන්‌ දැක්විය හැකි ය. එසේ ම ‘වගේගොඩ සංදේශය’ නම්‌ වූ මාතෘකාව ද විශේෂයෙන්‌ ම වැදගත්‌ වන්නේ මේ සංදේශය අද කෙනෙකුට පහසුවෙන්‌ සොයා ගත හැක්කක්‌ නොවන හෙයිනි. පාළි භාෂාවෙන්‌ රචනා වී ඇති මේ සංදේශය සිංහලෙන්‌ දක්වා තිබීම ද සිංහල පාඨකයාට වැදගත් වේ. එසේම මේ ග්‍රන්ථය සරල බසකින්‌ රචනා කිරීම ද පාඨක රුචිය වැඩි වීමට විශේෂ හේතුවකි.

    රු300
    Add to cart
  • සංක්ෂිප්ත ශ්‍රී ලංකා ඉතිහාසය

    සංක්ෂිප්ත ශ්‍රී ලංකා ඉතිහාසය

    0

    ක්‍රි පූ 543 – ක්‍රි ව 1815 – සිංහල සමය

    රු750
    Add to cart
  • සිංහල පුවත්පත් තීරු ලිපියේ සමාජ කතිකාවත
  • දහනව වැනි සියවසේ ලංකා සංචාරයක් - හෙන්රි ඩබ්ලිවු. කේව්

    දහනව වැනි සියවසේ ලංකා සංචාරයක් – හෙන්රි ඩබ්ලිවු. කේව්

    0

    මධ්‍ය කඳුකරයේ වනපෙත එළි විය. ඉඩම්වල තේ වවන ලදී. ඒ යටගියාවට මෙරට ඉතිහාස පුවතේ ප්‍රබල ස්ථානයක් හිමි වෙයි. මන්ද තේ දල්ල මෙරට ආර්ථිකය හසුරුවන මූල බීජය බවට පත් වූ හෙයිනි. එහෙත් නූතනයන් නො දන්නා වූ තේ යටගියාවේ සැබෑ තොරතුරු හෙළිදරව්වක් හෙන්රි ඩබ්ලිව්. කේව් විසින් රචිත Golden Tips කෘතියේ හමුවේ එම කෘතිය 19 වැනි සියවස ආරම්භයේ දී පළවූවකි. වසර සීයක් ගෙවුණු තැන් හි පළමු වරට සිංහල පාඨකයනට ඓතිහාසික තොරතුරු මව් බසින් කියවීමට මේ කෘතියෙන් අවසර ලැබීම පැසසිය යුත්තකි.

    රු650
    Add to cart
  • දෙවැනි රාජසිංහ රජතුමා සහ ලන්දේසි අතර ලිපි ගනුදෙනු

    දෙවැනි රාජසිංහ රජතුමා සහ ලන්දේසි අතර ලිපි ගනුදෙනු

    0

    දෙවැනි රාජසිංහ රජතුමා සහ ලන්දේසි ආක්‍රමණික පාලකයින් අතර හුවමාරු වූ මෙහි ඇතුළත් ලිපි පරිවර්තනය කර ඇත්තේ රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව මගින් සංග්‍රහ කරන ල දුව 1904 වර්ෂයේ ලංකාණ්ඩුවේ මුද්‍රණාලයෙහි මුද්‍රිත සඟරාවෙහි 18 වෙනි වෙලුමෙන් ය. පෘතුගීසීන් සහ ලන්දේසීන් ලංකාවේ ස්වකීය බලය තහවුරු කර ගැනීමටත්, දෙවැනි රාජසිංහ රජතුමා විසින් එකී සතුරු දෙපාර්ශ්වයට එරෙහිව දියත් කරන ලද යුදමය උපායමාර්ගත් මෙම ලිපිවලින් අනාවරණය වෙයි. 17වැනි සියවස මැද භාගයේ ලංකාවේ ඉතිහාස කතාවෙහි සංක්ෂිප්තව ඉදිරිපත් කෙරෙන සිදුවීම් මාලාවට මූලාශ්‍ර වූ මේ කුතුහල ජනක තොරතුරු සිංහල භාෂාවෙන් පළ වනු යේ මුල් වතා වටය. ලිපි වල අන්තර්ගතය විස්තරය කරනු පිණිස 1672 වර්ෂයේ ඇම්ස්ටර්ඩෑම් හී මුද්‍රණය කරන ලද A Description of Ceylon නැමති ලන්දේසි පූජකවරයාගේ කෘතියෙන් උපුටා ගත් කොටස් වල පරිවර්තන ද මෙහි උප ග්‍රන්ථයෙහි ඇතුළත් ය

    රු850
    Add to cart
  • ලංකා සංචාරය - 1883  මහාචාර්ය අර්නස්ට් හැකල්ගේ

    ලංකා සංචාරය – 1883 මහාචාර්ය අර්නස්ට් හැකල්ගේ

    0

    ජර්මන් ජාතික වෛද්‍ය විද්‍යා මහාචාර්ය අර්නස්ට් හැකල් 1882 ඔක්තෝබර් මාසයේ සිය රටින් නැව් නැග රතු මුහුද ඔස්සේ ඉන්දියාව, බොම්බාය හරහා අවුත් නොවැම්බර් මාසයේ කොළඹට ගොඩ බැස්සේ ය. හෙතෙම පුරා හය මාසයක් තිස්සේ කොළඹ, කඩුවෙල, පේරාදෙණිය, මහනුවර, ගාල්ල, වැලිගම, මිරිස්ස, දෙනිපිටිය, මාතර, දෙවුන්දර, රත්නපුරේ සහ නුවරඑළිය පළාත්වල සංචාරය කර 1883 අප්‍රේල්‌ මාසයේ ලංකාවෙන්‌ පිටත් වී ඊජිප්තුව හරහා ගම රට බලා ගියේ ය. මේ රටට එන අතරත් ආපසු යන ගමනේත් හමු වූ රටවල් වල දී ඇසූ දුටු තොරතුරු, විශේෂයෙන්ම එවකට අපගේ දේශයේ විවිධ පළාත්වල නික්ලිෂ්ට ස්වභාව සෞන්දර්යය, සතා සිව්පාවන්‌, මිනිස්‌ ජීවිතය, ආහාර විහරණ, ඇවතුම්‌ පැවතුම්‌, ආගමික උත්සව ආදියත් චාරිකා සටහනකින්‌ ඔබ්බට දිවෙන ගද්‍ය කාව්‍යයක පෙළ ගස්වමින්‌ මහාචාර්ය හැකල්‌ අපට දායාද කර තිබේ. ඔබ අද ජීවත් වන්නේ මෙයින්‌ එක්‌ පළාතකය. අවුරුදු එක සිය හතළිහක විපර්යාසය ගැන ඔබ පුදුම වනු ඇත.

    රු850
    Add to cart
  • වන ගත ළමෝ

    වන ගත ළමෝ

    0
    රු650
    Add to cart
  • ගැඹුරු මුහුද - ආතර් සී ක්ලාක්

    ගැඹුරු මුහුද – ආතර් සී ක්ලාක්

    0

    ‘ගැඹුරු මුහුද; වනාහි මෙතැන්‌ සිට සියවසක්‌ පමණ ගිය පසු මිහි පිට ඇති වන සමාජයක්‌ පසුබිම්‌ කොට රචිත විද්‍යා නවකතාවකි. විද්‍යාව හා තාක්ෂණය මත ගොඩනැගුණු එම සමාජය පාලනය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති මත පිහිටුව න ලද ජගත්‌ රජයකිනි. අඟහරු ග්‍රහයා මත පදිංචි වූ මිනිසා සිකුරු ග්‍රහයා මත ද පදිංචි වීමට සූදානම්‌ වෙයි. ගොඩ ගොවිතැන්‌ අත්හැර දමා මුහුදේ ගොවිතැන්‌ කරන මිනිසා මුහුද කොටු කොට, කිරටත්‌ මසටත්‌ තල්මසුන්‌ ඇති කරයි. දේව විශ්වාස මත ගොඩනැගුණු ආගම්‌ අභාවයට යන අතර ඉතිරි වන්නේ වෙනස්‌ වන ලෝකයේ යථාර්ථයට මුහුණ දිය හැකි බුදු දහම පමණි. එහෙයින්‌ අනුරාධපුර වැඩ වෙසෙන අයිරිෂ්‌ ජාතික සංඝ නායක හිමියෝ ජගත්‌ සමාජයේ ගෞරවාදරයට බඳුන්‌ වූ නායකයෙක්‌ වෙති. එතුමා තල්මසුන්‌ ඝාතනයට විරුද්ධව ගෙන යන සටන මෙම නවකතාවේ ප්‍රමුඛ ස්ථානය ගනියි. ආතර් සී. ක්ලාක්‌ 1956 දී ‘ගැඹුරු මුහුද ‘ රචනා කළේ මෙකල තල්මසුන්‌ ඝාතනයෙහි ඇති කුරිරැකමත්‌, අනුරාධපුර බෞද්ධ ශිෂ්ටාචාරය දැක පැහැදී පහළ වූ හැඟීමෙන්‌ යුතු ව බුදු දහමෙහි සත්ත්ව කරුණාවට හිමි වන ස්ථානයත්‌ ලෝකයාට පෙන්වා දීම පිණිස ය.

    රු650
    Add to cart
  • හෝලි පාරේ අබිරහස
  • හෙට උදාවන නව ලෝකය

    හෙට උදාවන නව ලෝකය

    0

    වඩ වඩාත් යටපත් වු දිවි පෙවෙතක් කරා යන ආකාරය මෙම කෘතියෙන් පැහැදිලි කරයි.

    රු500
    Add to cart