-
අපි කුමට ගැටෙමුද?
0රු630පිරිමි ද ගැහැනු ද වෙනස් ස්වාභාවයන් ඇත්තෝ වෙති. ඔවුන්ගේ කායික, මානසික හා අන් සියලු අංශවල ද දක්නට ලැබේ. එසේ වෙනස්කම් ඇති කළ අපගේ ජාන එසේ පවතිද්දි, සමාජ වෙනස්කම් සිදුවිම ඉදිරියට යයි නම්, මේ නිසා සිදු වු අධික වැඩ, කායික මානසික පීඩනය හා කාලය මදි වීම නිසා අපගේ ජීවිතය පවත්වා ගන්නේ චිත්තවේගික වු හා පාලනයෙන් තොර වු ස්වාභාවයෙන් ඉතා අපහසුවෙනි. එහි ප්‍රතිඵලය වන්නේ පවුල් සම්බන්ඳතා බිඳ වැටිමයි. මේ පිළිබඳ මනා අවබෝධයෙන්, සහකම්පනයෙන් යුතුව සහ විනෝදාත්මකව ද කතුවර්යා මේ පොත ලියා ඇත.
-
ආතතිය
0රු530මෙම කෘතියේ සුවිශේෂි ප්‍රබලතාවක් වන්නේ ආතතියේ හැම අංශයක්ම ජිවිතයේ හැම අංශයකටම බලපාන ආකාරය තියුණු විමර්ශනයකට යොමු කිරීමයි. ආතතියේ නොයෙක් අංශ වල බලපෑම දසවන පරිච්ඡේදය ඇසුරෙන් පමණක් වුවද අපට පැහැදිලි කරගත හැකිය. එසේම, පෞරුෂය, ප්‍රජනනය, ජීරණය, ප්‍රතිශක්තිය, විශාදය, ස්මෘතිය, වියපත් වීම, දියවැඩියාව, හෘදයාබාධ ආදියට එහි බලපෑම ගැන කතුවරයා සැලකිලිමත් වෙයි.
-
ඉරණම වෙනස් කිරිමේ කලාව
0රු450ඔබ ඉරණම විශ්වාස කරනවාද? පිළිගන්නවාද? නොසළකා හරිනවාද? එහෙමත් නැතිනම් ඉරණම ඔබට කැමති අයුරින් වෙනස් කරනවාද? සීමාවන්ට සීමා නොවී කළ නොහැක්ක රවටන්න උත්සාහ කරන විශ්වීය මිනිසුන් උදෙසා ඉරණමේ කලාව විද්‍යාව සහ මිථ්‍යාව ඔස්සේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි බලපෑමක් කරන මෙම කෘතිය ඔබගේ ඉරණම වෙනස් කරන නවතම මෘදුකාංගයයි.
-
ඒ ඔබ ද?
0රු750ජිවිතය ගැන නැවත සිතන්නටත්, ජිවිතය යහපත් ලෙස ජිවත් කරවිම සඳහා අවශ්‍ය උපදේශනයක් මෙම ග්‍රන්ථය මඟින් පැහැදිලි කරයි.
-
කෝපය ජය ගන්නේ මෙහෙමයි
0රු740මිනිසුන්ගේ පොදු හැසිරිම් තුළ පහසුවෙන් හඳුනා ගත හැකි මේ නොයෙක් ශෛලිවල,දුබලතා පමණක් නොව ප්රබලතා ද ඇත්තේය. මෙහි එන නොයෙක් ස්වයං පිරික්සුම් සහ විවිධ උදාහරණ මඟින් ඔබේ කෝපය කවර ශෛලියේ එකක් දැයි හඳුනා ගැනිමට මේ කෘතිය මඟ පෙන්වයි.
-
ජය ගතිමි ජීවිතය
0රු300ලෝකයේ අති සාර්ථක ධන කුවේරයන් අතර මුල් හිනි පෙත්තේ සිටින රිචඩ් බ්‍රැන්සන් ජිවිතය ජය ගැනිම උදෙසා කළ සුවිශේෂි කැපවිම් පිළිබඳ ආත්මකථනයක් මෙම කෘතියෙන් දක්වයි.
-
-
තරගයේ වීරයා
0රු520ජීවන ක්‍රිඩාවේ විශිෂ්ටව දිනන්න මඟ පෙන්වන ජීවන රහස් 11ක් මෙහි වේ. ජීවිතයේ ඔබ නියැලෙන ඕනෑම ක්ෂේත්රයක තරගයේ වීරයෙක් වෙන්න බලපාන සියලු ක්‍රම හා විධි එකින් එක හෙළිකරන ප්‍රබල උපක්‍රම වට්ටෝරුවක් වශයෙන් මෙම අගනා කෘතිය හැඳින්විය හැකියි. YES I CAN නම් ජනප්‍රිය ධනාත්මක චින්තන මන්තරයෙන් පමණක් සැහීමට පත්නොවී, ජීවිතය දිනන්න මඟ පෙන්වන ක්‍රම, විධි සහ සංකල්ප එකතුවක් කියවීමට ප්‍රිය උපදවන කතා ශෛලියකින් මෙහි අන්තර්ගත කර තිබේ. පාසැල් ශිෂ්‍යාගේ සිට විධායක ජනධිපති දක්වා වු ඕනෑම කෙනෙකුගේ පීවිතය කරන්න සමත් තරගයේ වීරයා කෘතිය එක හුස්මට කියවා සැනසෙන්නට නොව, අවබෝධයෙන් කියවා ජීවිතය වෙනස් කර ගන්න හිතන හැමෝටම වඩාත් සුදුසුයි.
-
-
ප්‍රායෝගික මනෝ විද්‍යාව – මනස පුහුණු කිරිම
0රු480සංවර්ධනය මේ ග්රන්ථයෙහි අරමුණු වේ. ඔබ සෞඛ්‍යය දියුණු කර ගැනිම ගැන, ආත්ම විශ්වාසය පුහුණු කර ගැනිම ගැන, සිතෙහි එකඟ කම ඇති කර ගැනිම ගැන, ආකර්ෂණීය භාවය සහ චරිත වර්ධනය ගැන, ආත්ම පරිපුර්ණ කර ගැනිම ගැන, සමස්ත ජීවිත සාර්ථකත්වය සහ සනාතන සංතුෂ්ටිය ගැන, උනන්දු වන්නෙහි නම්, මේ කෘතිය ඒ අරමුණු ඉටු කර ගැනිම සඳහා උදව් වේ.