-
-
-54%
-
-
-10%
-
ලංකා සංචාරය – 1883 මහාචාර්ය අර්නස්ට් හැකල්ගේ
0රු850ජර්මන් ජාතික වෛද්‍ය විද්‍යා මහාචාර්ය අර්නස්ට් හැකල් 1882 ඔක්තෝබර් මාසයේ සිය රටින් නැව් නැග රතු මුහුද ඔස්සේ ඉන්දියාව, බොම්බාය හරහා අවුත් නොවැම්බර් මාසයේ කොළඹට ගොඩ බැස්සේ ය. හෙතෙම පුරා හය මාසයක් තිස්සේ කොළඹ, කඩුවෙල, පේරාදෙණිය, මහනුවර, ගාල්ල, වැලිගම, මිරිස්ස, දෙනිපිටිය, මාතර, දෙවුන්දර, රත්නපුරේ සහ නුවරඑළිය පළාත්වල සංචාරය කර 1883 අප්‍රේල් මාසයේ ලංකාවෙන් පිටත් වී ඊජිප්තුව හරහා ගම රට බලා ගියේ ය. මේ රටට එන අතරත් ආපසු යන ගමනේත් හමු වූ රටවල් වල දී ඇසූ දුටු තොරතුරු, විශේෂයෙන්ම එවකට අපගේ දේශයේ විවිධ පළාත්වල නික්ලිෂ්ට ස්වභාව සෞන්දර්යය, සතා සිව්පාවන්, මිනිස් ජීවිතය, ආහාර විහරණ, ඇවතුම් පැවතුම්, ආගමික උත්සව ආදියත් චාරිකා සටහනකින් ඔබ්බට දිවෙන ගද්‍ය කාව්‍යයක පෙළ ගස්වමින් මහාචාර්ය හැකල් අපට දායාද කර තිබේ. ඔබ අද ජීවත් වන්නේ මෙයින් එක් පළාතකය. අවුරුදු එක සිය හතළිහක විපර්යාසය ගැන ඔබ පුදුම වනු ඇත.
-
-40%
-
-
-10%
-
-
ලංකාවේ ප්‍රථම ක්‍රීඩා තරග
0රු300මෙරටට ක්‍රීඩාවන් හඳුන්වා දිමට අපේ පැරැන්නන් ගත් වෙහෙසත්, ඔවුන් මේ සඳහා හෙළු දහදිය හා කඳුලත්, යෙදූ කාලයත්, වැය කළ ධනයත්, යෙදූ ශ්‍රමයත් මේ කෘතියෙන් මැනවින් නිරූපණය වෙයි. මෙරට ක්‍රීඩා ක්ෂේත්රය වෙනුවෙන් ඉතිහාස ගත මෙහෙයක් සිදු කළ මේ පැරැන්නන් ඉතිහාසයෙන් මැකී යාම ගැන ලාංකිකයින් හැටියට අප ලැජ්ජා විය යුතුය. ක්‍රීඩා අතින් දියුණු රටවල් ඒ තත්ත්වයට ළඟා වූයේ හුදෙක් ඕපපාතික, තාක්ෂණික කරුණු මත නොව තමන්ගේ සාරවත් ක්‍රීඩා ඉතිහාසය නමැති අත්තිවාරම මතය. ශ්‍රී ලාංකික ක්‍රීඩා ඉතිහාසය පිළිබඳව ලියැවී ඇති අල්ප පත පොත විමසන විට ඵය අත්තිවාරමක් නැති ගෙයක් හැටියට පෙනේ.
-
-